The Better Work වැඩසටහන හරහා වෘත්තීය සහ සෞඛ්‍යාරක්ෂාව ශක්තිමත් කිරීමට ඇඟලුම් අංශය පෙරමුණ ගනී [මාධ්‍ය නිවේදන]

March 3, 2023

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) Better Work Sri Lanka වැඩසටහන මගින් ඇඟලුම් අංශයේ සේවා ස්ථාන සුරක්ෂිතභාවය සහ සෞඛ්‍යාරක්ෂාව (OSH) පිළිබඳව මාස තුනක වැඩමුළු මාලාවක් පසුගියදා සාර්ථකව අවසන් කළේය- එහිදී සහභාගිවූවන්ට සේවා ස්ථානයේ සුරක්ෂිතභාවය සහ සෞඛ්‍යාරක්ෂාව  පිළිබඳ ශිල්පීය ක්‍රම, සන්නිවේදන කුසලතා සහ තාක්ෂණික අංශ වලට අදාල පුහුණුවක් ලබා දුන්නේය. ඊැඑඑැර උදරන වැඩසටහනේ මීළඟ අදියරේදී ප්‍රධාන පුහුණුකරුවන් කර්මාන්ත උපදේශකයන් බවට පත්වීමට අවශ්‍ය කුසලතා සංවර්ධනයට සහ ඇඟලුම් කර්මාන්තය තුළ ද්විපාර්ශ්වික කමිටු පිහිටුවීමට නියමිතය.

ව්‍යවසාය මට්ටමේ ද්විපාර්ශ්වික OSH කමිටු ප්‍රවර්ධනය කිරීමේ මෙම සුවිශේෂී මුලපිරීම Better Work Sri Lanka විසින් මෙහෙයවනු ලබන අතර ඒකාබද්ධ ඇඟලුම් සංගම්  සංසදය (JAAF), ලංකා සේවක සම්මේලනය (EFC), කම්කරු අමාත්‍යාංශය සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ එක්ව මෙය සිදු කරනු ඇත-

The Better Work Sri Lanka වැඩසටහනේ ප්‍රධානී කේසව මුරලි ගනපති මහතා සඳහන් කළේ සේවා ස්ථානයේ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා එවැනි වැඩසටහන් අත්‍යවශ්‍ය වනු ඇති බවයි. විශේෂයෙන්ම ආරක්ෂිත සහ සෞඛ්‍යාරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීම ILO හි මූලික මූලධර්මයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

“මෙම වැඩමුළු සඳහා සහභාගිවන්නන්ට ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න සේවා පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් පුහුණු වීමට අවස්ථාව උදා වූ අතර එහිදී සංවාදාත්මක අධ්‍යන වටපිටාවක් දකින්නට හැකි වුණා. ඔවුන් මුහුණ දෙන පොදු අභියෝග සාකච්ඡා කිරීම, වැඩිදියුණු කළ හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම සහ සාමූහිකව විසඳුම් සොයා ගැනීමට අවස්ථාව ලැබීම මෙම වැඩසටහනේ සුවිශේෂී ප්‍රතිඵලයක් ලෙස සඳහන් කළ හැකියි.” යනුවෙන් කනපති මහතා පැවසීය.

හවුල්කාර ආයතන විසින් නම් කරන ලද හැත්තෑ දෙනෙකු මෙම වැඩසටහන සඳහා සහභාගී වූ අතර ඔවුන් ILO සහ අදාළ පාර්ශවකරුවන්ගේ මගපෙන්වීම සමඟ OSH පිළිබඳ පොදු මාර්ගෝපදේශයක් ක්‍රියාවට නංවා ඔවුන්ගේ සේවා ස්ථානයේ වත්මන් වැඩපිළිවෙල වැඩිදියුණු කිරීමට කටයුතු කරනු ඇත.

මෙහිදී ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා අවධාරණය කළේ, “ඇඟලුම් අංශය සේවක ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන අතරම, දැනටමත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය ආචාරධාර්මික නිෂ්පාදන වැඩපිළිවෙලක් අනුගමනය කරනවා. එම සේවක හිතකාමී වටපිටාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තවදුරටත් OSH පිළිබඳ සේවකයින්ගේ දැනුම වර්ධනය කිරීම සහ පුළුල් කිරීම අත්‍යවශ්‍යයි. දැනට, ඇඟලුම් ආයතන 30 ක නියෝජිතයින් OSH කර්මාන්ත උපදේශකයින් ලෙස පුහුණු කිරීමට JAAF පියවර ගෙන තිබෙනවා.” යනුවෙනි.

“2021 දෙසැම්බර මාසයේදී, විශේෂයෙන් වසංගතය අතරතුර සහයෝගී ප්‍රවේශයක් හරහා අපි ආරක්ෂිත සේවා ස්ථාන ගොඩනැගීම සහතික කිරීම වෙනුවෙන් වෘත්තීය සමිති සමඟ වැදගත් අවබෝධතා ගිවිසුමකට එළැඹුණා. Better Work වැඩසටහනේ කොටස්කරුවෙකු වීමෙන් අපි යන ගමන තව තවත් ශක්තිමත් වුණා. එහිදී සේවකයින්ගේ යහපැවැත්මට ප්‍රමුඛත්වය ලබා දෙමින් සහ සියලු පාර්ශවකරුවන්ගේ විශ්වාස තහවුරු කරගනිමින් හොඳ සන්නිවේදනයක් පවත්වා ගැනීමට හැකි වුණා.” යනුවෙන් ඒකාබද්ධ ඇඟලුම් සංගමයේ සංසදයේ ප්‍රධාන ලේකම් යොහාන් ලෝරන්ස් මහතා වැඩිදුරටත් පැවසීය.

ඇඟලුම් සහ රෙදිපිළි සේවක සංගමයේ (TGCWU) සංවිධායිකා ලලිතා දෙද්දුවකුමාර මහත්මිය සඳහන් කළේ OSH පිළිබඳ පැහැදිලි අදහසක් ලබා ගැනීමට මෙම පුහුණු වැඩමුළුව ඔවුන්ට මහත් උපකායක් වූ බවයි.

“මෙම වැඩසටහන හරහා JAAF මෙන්ම EFC වැනි පාර්ශවකරුවන් සමඟ අපගේ සබඳතාව ශක්තිමත් කළ අතර එකිනෙකා සමඟ සන්නිවේදනය කළ යුතු ආකාරය පිළිබඳ අපගේ අවබෝධය වැඩි වුනා. ඒවගේම එම කර්මාන්තශාලාවේ සේවය කළ සාමාජිකයෙක් ලෙස, OSH ගැන එදා මා තුළ තිබූ අවබෝධය, දැන් මා එය දකින ආකාරයට වඩා වෙනස්. සෑම තරාතිරමකම සේවකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට අවශ්‍ය දැනුම මෙවැනි මුලපිරීම් හරහා අපට ලැබෙනවා. ඒ වගේම මෙම වැඩසටහන් සඳහා සහභාගීවූවන් ලෙස එම දැනුම ප්‍රායෝගිකව භාවිතා කිරීම අපගේ වගකීමක්.” යනුවෙන් ලලිතා මහත්මිය පැවසීය.

ILO සහ IFC හි දිගුවක් ලෙස, Better Work Sri Lanka වැඩසටහන, JAAF සමඟ එක්ව JAAF හි සේවක ප්‍රජාව අතර ආරක්ෂිත වටපිටාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහන් මාලාවක් පැවැත්වීමට බලාපොරොත්තු වේ. ඇඟළුම් කර්මාන්තශාලාවන් තුළ EUs Due Diligence requirements සඳහා දැනුවත් කිරීමේ මාර්ගෝපදේශයක් ද ඉල්ලා ඇත-  

“අපගේ බලාපොරොත්තුව වන්නේ නීතිරීති අගයන සේවා සංස්කෘතියකට වඩා වෘත්තීය සුරක්ෂිතභාවය අගයන සංස්කෘතියක් ඇති කිරීමයි. මෙම වැඩසටහන OSH හරහා සේවා ස්ථාන සහයෝගීතාව ප්‍රවර්ධනය කරන ආකාරය පිළිබඳ සාක්ෂියක්. අපට දැන් අවශ්‍ය වන්නේ ජාතික සංවාදයක් ඇති කිරීම සහ සේවා ස්ථානයේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන අපගේ කම්කරු නීති ශක්තිමත් කිරීමයි. JAAF සහ අනෙකුත් පාර්ශවකරුවන් මෙම ප්‍රයත්නය සඳහා සහයෝගය ලබා දී ඇති අතර, ඉදිරියේදී මෙවැනි හවුල්කාරිත්වයන් තව තවත් අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ගනපති මහතා සඳහන් කළේය.