ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා අපනයන ප්‍රේෂණ සහ පරිවර්තන පිළිබඳ වාර්තා ඉදිරිපත් කරයි [පුවත් නිවේදන]

January 2, 2023

ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සිය සාමාජිකයන් අපනයන ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ මහ බැංකු නීතිවලට දැඩි ලෙස අනුකූල වන බව තහවුරු කරන අතර ඇඟලූම් ක්ෂේත‍්‍රය සිය අපනයන ආදායම සම්පූර්ණයෙන් ශ‍්‍රී ලංකාවට ගෙන එන බව නැවත අවධාරණය කරයි.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා දෙසැම්බර් 08 වැනි දින සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් තහවුරු කළේ, ”සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවල අපනයනකරුවන් අපනයන ආදායමෙන් 100%ක් ආපසු මෙරටට ගෙන්වාගෙන හෝ අපේ බැංකු පද්ධතියට ගෙනවිත් තිබෙනවා. එම මාස දෙකේ දත්ත අනුව අපනයනකරුවන් විදේශයන්හි මුදල් තබා නොගන්නා බව මට ඉතා පැහැදිලිව කියන්නට අවශ්‍යයි.” යනුවෙනි.

අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ඇඟලූම් ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් ගත් කල, මෙම කර්මාන්තය 50% ක දේශීය අගය එකතු කිරීමක් සිදුකරන බවත් සාමාන්‍යයෙන් අපනයන ක‍්‍රියාදාමයන්ගෙන් 25%ක් අපනයනකරුවන් විසින් සෘජුවම රුපියල් බවට පරිවර්තනය කර ඇති බවත්යි. ඉතිරි 25% ක් වූ අපනයන ක‍්‍රියාදාමයන් පිළිබඳව ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සොයා බලන බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ විමර්ශනවලින් තහවුරු වී ඇති නමුත් අනුමත දේශීය මිලදී ගැනීම් සඳහා අපනයනකරුවන් මෙම ඩොලර් භාවිතා කරනු ඇති බව ඔහු පිළිගත්තේය. මෙම අනුමත දේශීය මිලදී ගැනීම් යටතට CPC සහ LIOC වෙතින් ඞීසල් මිලදී ගැනීම සහ කර්මාන්තයට අවශ්‍ය දේශීයව නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය යන දෙකම ඇතුළත් වේ.

ඉහත කරුණු අනුව CBSL විසින් නියම කර ඇති දැනට පවතින රෙගුලාසි යටතේ අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අපනයනකරුවන්ට බාහිර ගෙවීම් කිරීමට අවසර දී ඇති බවත් ඉතිරි ආදායම ඊළඟ මාසයේ හත්වන දින අදාළ වාණිජ බැංකු විසින් ස්වයංක‍්‍රීයව පරිවර්තනය කරනු ලබන බවත් නැවත නැවතත් සිහි කැඳවීමට JAAF ට අවශ්‍ය වේ.

විදේශීය සැපයුම්කරුවන්ට කරන ලද ගෙවීම්වලට අමතරව දේශීය සැපයුම් දාමයේ වර්ධනය නිසා ඇඟලූම් සමාගම්වලට ඔවුන්ගේ අභ්‍යන්තර විදේශ මුදල් පේ‍්‍රෂණවලින් 25% ක් දක්වා ශ‍්‍රී ලංකාවේ වක‍්‍ර අපනයනකරුවන්ට ගෙවිය හැකිය. අධිපතිවරයා සඳහන් කර ඇති පරිදි මෙම අතිරේක ඩොලර් ගෙවීම් නිසි ලෙස ගණන් නොගත හැකි අතර එමඟින් කර්මාන්තයේ විදේශ විනිමය පරිවර්තනයන් වටා වැරදි වැටහීම් ඇති විය හැකිය.

රටේ වත්මන් ආර්ථික තත්වය අනුව සමාගම් විසින් අනපේක්ෂිත අර්බුදවලදී බාධාවකින් තොරව තම මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය, ඉන්ධන සහ අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අපනයන ආදායමෙන් සැලකිය යුතු කොටසක් භාවිතා කරයි.

මූල්‍ය අර්බුදය අතරතුර ඉන්ධන, ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ඇතුළු රටට අත්‍යවශ්‍ය දෑ ලබා ගැනීමේ දී ඇඟලූම් කර්මාන්තය ප‍්‍රධාන සාධකයක් වී ඇති බව නැවත අවධාරණය කරමින් JAAF හි සාමාජිකයින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඉටු කරන තීරණාත්මක කාර්යභාරය පිළිබඳව ප‍්‍රශංසනීයව සඳහන් කරයි.

”අපගේ සාමාජිකත්වය දරණ සමාගම් රටේ ආර්ථික ප‍්‍රතිලාභ ඉහළ නැංවීම උදෙසා අපනයන ආදායම වැඩි කර ගැනීමට සහයවෙමින් නීතියට අවනත වී ඇති බව අපට විශ්වාසයි. JAAF හි සාමාජික සමාගම් දැනට පවතින රෙගුලාසි වලට අනුකූලව කටයුතු කරන අතර ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගාසිටුවීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව සහ රජය දරණ වෑයමට සියලූම පාර්ශ්වකරුවන් සිය උපරිම සහය ලබා දීමට උත්සාහ කරනවා.”

ප‍්‍රමුඛතම අපනයන සමාගම් 100 හි අපනයන දත්ත සංසන්දනය කර දේශීය සැපයුම්කරුවන්ට විදේශ මුදල්වලින් ගෙවන ප‍්‍රමාණයන් සෘජුව පරිවර්තනය කිරීම සහ විදේශ මුදල්වලින් ගෙවන මුදල් ප‍්‍රමාණය යන දෙකම තහවුරු කිරීම පිළිබඳව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ධනාත්මකව අදහස් පල කළේය. මෙම ප‍්‍රතිසන්ධානය හැකි ඉක්මනින් සිදු කිරීම සහතික කිරීම සඳහා CBSL සමඟ කටයුතු කිරීමට JAAF කැපවී සිටී.

වත්මන් ආර්ථික දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා විදේශ විනිමය ආපසු ගෙන්වා ගැනීමේ සහ පරිවර්තන අවශ්‍යතා පිළිබඳ අධිපතිවරයාගේ ප‍්‍රකාශය JAAF සාමාජික සමාගම් පිළිගනී. විදේශ විනිමය නැවත මෙරටට ගෙන්වා ගැනීමේ සහ පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙල වඩාත් ඵලදායී කිරීම උදෙසා ඊට අදාල ප‍්‍රතිපත්ති කාලානුරූපව ලිහිල් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව අධිපතිවරයා දැක්වූ අදහස් වලට JAAF සිය එකඟතාවය පල කරයි. එමෙන්ම ගෝලීය ප‍්‍රමිතීන්ට සහ භාවිතයන්ට අනුකූලව විදේශ විනිමය ස්වේච්ඡාවෙන් ආපසු ගෙන්වා ගැනීම සහ පරිවර්තනය කිරීම වෙනුවෙන් ජනතාව දිරිමත් කිරීම කාලීන අවශ්‍යතාවයක් බවට එතුමා කළ ප‍්‍රකාශය JAAF වඩාත් ඉහළින් අගය කරයි.